Monday, December 24, 2012

ඇරඹුම.........!



හිරු පායා තිබුනත් ගල් ගැසෙන සීතල.......
හිමෙන් වැහිච්ච ගස්වැල්, පාරවල්, යාන වාහන.......
කුරුල්ලෙක් වත් නැති අහස........
ඇවිදින සීත ඇඳුම්..... 

දුක හිතෙන තරමට ලංකාව මතක් වුණත්, මතක් වෙන වෙන සැරේට ලේසියෙන් එන්න පුළුවන් රටකද අපි ඉන්නෙ. හැමෝටම නත්තල් නිවාඩුව වුනත් අපට රස්සාව හැමදාම. ගෙවල් දොරවල්, ළමයි, බිරිඳ අමතක වෙන තරමට රස්සාව. 
උණුසුමක් නොදැනෙන හදවත හීතල‍ වෙලා. ඒ සීතල හදවත හූල්ලන හඬ වහගන්න, සිංහල අකුරින් ලියවුන ‍‍බ්ලොග් කියවන්න පුරුදුවුණා. ඒ පුරුද්දට දැන් ඇබ්බැහි වෙලා.  කියවලා විතරක් ‍නොනැවතී අකුරු දෙකක් කොටන්න පුළුවන් නම්. තෘප්තිමත් නොවෙන පෘතග්ජන හිත වැඩි වැඩියෙන් ඉල්ලනවා.

ලංකාවෙ ඉර අවුව දකින්න ඉක්මනටම ආපහු එනවා. ඒ එනතුරු හිත හදාගන්න, හිතට දැනෙන දේ සිංහ‍ලෙන් ලියන්න මට හිතුනා. දිනපොතක ලියන සටහන මට විතරයි. ඒත් එක විදිහට හිතන, එක විදිහට දැනෙන තව අයත් ඉන්න බව මම දන්නවා.ඉතින් මගේ සටහන දිනපොතක සටහනක් නොවී බ්ලොග් ලිපියක් වේවි. 

සීතල හදවත හෙමි හෙමින් ගැහේවි...........
 

ෆොටෝ එක ගත්තෙ මෙතනින් : http://www.railfanwindow.com/gallery2/v/random_stuff/album270/DSC_0681.jpg.html


3 comments:

  1. සුබපැතුම් යාළුවා. දිගටම ලියන්න. අදහස් බෙදාගන්න. ජය...!

    ප.ලි. - වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි. ප්‍රථම පැමිණීමට සහ ප්‍රථම දිරිගැන්වීමට..
      වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරා......

      Delete
  2. සුබ පැතුම්! කියවන්න හැමදාම එන්න පාර හොයා ගන්න මේකට ෆලෝවර් ගැජට් එකත් එක් කරන්න.

    ReplyDelete